සුන්දාල් කුමරිය සොයා ගියෙමි.


සුන්දාල් නගරය නොර්වේ උතුරු ප්‍රදේශයට වන්නට පිහිටි ඉතා සුන්දර කුඩා නගරයකි. පසුගිය සෙනසුරාදා 19/02/2017 සුන්දාල් නගරය වෙත යාමට මට සුවිශේෂී අවස්තාවක් උදාවිනි. එය ර්යුකාන් නගරයට ගිය අත්දැකීම නැවත ආවර්ජනය කිරීමට සමත් විනි. අප සුන්දාල් වෙතා ලගා වනවිටත් රාත්‍රී කළුවර වැටී තිබුණි. වාහනයෙන් එලියට බැසගත් විගසම ඉතා ඉහල අහසේ මිහිදුම් සේල අතරේ ගැවසී සැගවී තිබු උස් කඳු මුදුන් දැක මම මවිතවිමී. රාත්‍රියේ බෙහෙවින් විඩාපත් වී සිටි බැවින් ඉක්මනින් නින්දට ගිය අතර පසුදා උදෑසනම අවදි වී උදේ අහාරය සදහා පහත මාලයට පැමිණියේ ඉක්මනින් උදෑසන අහාරය අවසන් කොට නගරයේ සංචාරය කිරීමේ අභිලාෂයෙනි.

අප ලැගුම් ගත් ලැගුම් හල ඉතා පැරණි ගෘහ නිර්මාණ ශිල්පයකට ලක්ෂණ ප්‍රකට කල අතර ලැගුම් හලේ බෝජන ශාලාවේ බිත්ති ඉපැරැණි පින්තූර වලින් සරසා තිබිණි. ජනාකීර්ණ නගරයක් නොවූ බැවින් ලැගුම් හලේ සිටියේ කිහිප දෙනෙකි. උදෑසන කෑම මේසයේ උදේ අට වන විට සිටියේ මම පමණි. එහෙයින් බිත්ති මත සටහන්ව තිබු ඉතිහාසය ගවේෂණය කිරීමට මට කිසිදු බාධාවක් නොවිණි. ඒ බිත්ති අතර සනිටුවන් වී තිබූ සුන්දර ඉතිහාසය සොයා බලමින් උණුසුම් නොර්වෙජියන් කෝපි කෝප්පයක් තොලගාමින් මම බොහෝ වෙලාවක් ගත කලෙමි. එහි එක් බිත්තියක් මටත් සුන්දාල් කුමරියගේ අවසාන හිමිකරුවා ඇය දෙස බලා සිටි අතර අනෙක් පස බිත්තියේ සුන්දාල් කුමරිය ඔහු දෙස බලා සිටියාය.

012PNsNZ.jpeg
සුන්දාල් කුමරියගේ චිත්‍රයක්

සුන්දාල් කුමරිය හෙවත් බර්බරා එර්ලින්ග්ටන් ඩග්ලස් එක්දහන් අටසිය විසිදෙකේ සැප්තැම්බර් මස දොළොස්වන දින ස්කොට්ලන්ත ජාතික නයි වරයෙකුට සහ ධනවත් බැංකු හිමිකරුවකුගේ දුවකට දාව ස්කොට්ලන්තයේ ජන්මලාභය ලැබුවාය. ඇය සිය කුඩා කාලය ගත කලේ ස්කොට්ලන්තයේය. පියාගේ යුධ හමුදා රාජකාරි නිසා විවිධ ප්‍රදේශ වල සංචාරය කිරීමට භාග්‍ය ලත් ඇය ගීක භාෂාවත් ලතින් භාෂාවත් ජර්මන් භාෂාවත් ඉගෙන ගත්තාය. සියා පියා සමඟ ඉන්දියාවේ කාලයක් ගත කල ඇය එහිදී හින්දි භාෂාවද උගත්බව සදහන් වේ.

barbara.jpg
සුන්දාල් කුමරිය හෙවත් බර්බරා එර්ලින්ග්ටන් ඩග්ලස්- සත්‍ය චායාරූපයක්

එක්දහස් අටසිය හතලිස් හයේ තම ප්‍රථම ප්‍රේමවන්තයා වූ ජේම්ස් ඇලන් සමඟ විවහා වූ බාර්බරා ඒ විවාහයෙන් පුතෙකු ලද්දාය. කාලයක අවෑමෙන් කොලරා රෝගයට ගොදුරු වී අවාසනාවන්ත ලෙස ඇලන් මිය ගිය පසු බාර්බරා නීල් ෆර්ගුසන් නමැති වෙනත් අයෙකු සමඟ විවහා වුවාය.

ලන්ඩන් නුවරදී එවකට ප්‍රසිද්ධ නෝර්වේජියානු ජාතික වයලීන් වාදකයෙකු හා නාට්‍ය ශිල්පියෙකු වූ උලේ බුල් හමුවීම ඇයට සුවිශේෂි විනි. දෙවන විවාහය අසාර්ථක වූ තැන ඇය තම හිතගත් තෙවන පෙම්වතා වූ ස්කොට්ලන්ත ජාතික විලියම් අබුත්නොත් සමග එක්දහස් අටසිය හැට පහේ දෙසැම්බර් හවනදා විවාහා ගිවිස ගත්තාය. ඔවුන් දෙදෙනා සුන්දාල් වෙත දෙය්වෝපගත ලෙස පැමිණියේ මධු සාමය ගත කිරීමටය. සුන්දාල් නගරය බර්බරාගේ ජීවිතය වෙනස් කල නවාතැනක් වුයේ ඉන් අනතුරුවය.

තම ප්‍රථම විවාහයේ පිරිමි දරුවා එවකට වයස විසි ගණන් වල තරුණයෙකු විනි. තම සැමියා සමඟ ඇති වූ ආරවුලක් හේතුවෙන් රෝගී වූ තම දයාබර දරුවාගේ ජීවිතය බේරා ගැනීමට බාර්බරා ප්‍රදේශයේ අති දුෂ්කර දොවර්ෆියෙල් කඳු මුදුණ තරණය කරමින් ආරෝග්‍ය ශාලාවක් වෙත ගමන් කිරීමට උත්සහා කලත් අතර මඟදී දරුවාගේ ප්‍රාණය නිරුද්ධ වීමෙන් ඇය සිය උත්සාහය අතහැර දැමුවාය. තම දරුවා මියගියේ සැමියාගේ නොමනා හැසිරීම නිසා බව සැක කල බාර්බරා සැමියාගෙන් වෙන්වී වෙනමම ජීවත් වීමට තීරණය කළාය. ඉන් පසු ඇය සුන්දාල් ප්‍රදේශයේ ගොවිපොළක් මිලදී ගෙන හුදෙකලාව දිවි ගෙවන්නටත්, ප්‍රදේශයේ පහසුකම් දියුණු කිරීමටත් බොහෝ සමාජ සේවා වැඩ කටයුතු කිරීමත් ඇරඹුවාය. එහිදී නෝර්වේජියානු බස ඉගෙන ගැනීමට ඇයට සහය වූ ප්‍රදේශයේ දුප්පත් ගුරුවරයෙකු වූ ලාර්ස් හොඕස් මුණ ගැසුණු ඇය ඔහු සමග දිවි ගෙවුවාය.

16830695_1031927613579125_8797162195065421123_n.jpg
ලාර්ස් හොඕස්

පසු කලෙක ඇයගේ සමාජ මෙහෙවර ප්‍රචලිත වීමෙන් පසු ඌලාව් එන්දර්සන් නම් වෙනත් අයෙකු ඇය සොයා ආවේය. ඌලාව් එන්දර්සන් බාර්බරා සොයා අවේ ඔහුගේ බල්ලා සමග වූ අතර බිත්තියේ එල්ල තිබු පින්තූරයේ ඔහු සිටින්නේද සිය බල්ලා සමගිනි. අවාසනාවකට මෙන් මා විසින් ගන්න ලද චයරූපයේ බල්ලා පැහැදිලිව නොපෙනේ.

jjjj.tiff
ඌලාව් එන්දර්සන් සහ ඔහුගේ බල්ලා

සිය පෙම්වතුන් සමඟ එකට දිවි ගෙවූ ඇය මිය යනතුරු ම සුන්දාල් ප්‍රදේශයේ සිය සමාජ සේවා කටයුතු වල නිරත් වුවාය.

ප්‍රදේශයේ සෞඛ්‍ය පහසුකම් වැඩි දියුණු කිරීමට ප්‍රමුඛ මෙහෙවරක් කල බාර්බරා ගොවිතැන කුකුල් ගොවිපොළ පාලනය උරු ගොවිපොළ පාලනය ආදී දේ ප්‍රදේශයේ ව්‍යාප්ත කෙරීමට බෙහෙවින් සිය කාලය කැප කාලය. කුකුල් පාලනය පිලිබඳ පොතක් ලියා පල කිරීමටද උත්සුක වූ ඇය ගොවිපොළ පවත්වාගෙන යන අකාරය දැනුවත් කරමින් සිය මෙහෙවර ප්‍රදේශය පුරා ප්‍රචලිත කරවීය. විනෝදාංශ, නාට්‍ය ආදී දේ කෙරෙහි පවා ඇයගේ අවදානය යොමුව පවතී බවට සාක්ෂි ඇත.

පසු කලක ස්කොට්ලන්තයේ ඇයගේ ව්‍යාපාර සහ ඇය සතු වූ පාරම්පරික මුල්‍ය ආයතනය බංකොලොත් වීමෙන් පසු මිය යන තුරුම දුප්පත් ගෙවිලියක සේ සුන්දාල් “ග්‍රෝඅ” ප්‍රදේශයේ දිවි ගෙවුවාය. එක්දාස් නමසිය හතරේ අගෝස්තු විසි අට ඇය සිය සමාජ සේවා කටයුතු අවසන් කරමින් මෙලොවින් සමු ගත්තද ඇයගේ කීර්ති නාමය තවමත් එම ප්‍රදේශයේ නොමැකී ඇත. ප්‍රදේශයේ බොහෝ දෙනා සුන්දර බර්බරා එර්ලින්ග්ටන් ඩග්ලස්, “සුන්දාල් කුමරිය” නම් අන්වර්ථ නාමයෙන් හදුන්වමින් ඉතා ගෞරයෙන් සිහිපත් කරයි.

බිත්ති මත වූ සුන්දාල් ප්‍රදේශයේ ජන ජීවිතය පිළිබිඹු වන පින්තූර කිහිපයක්ද මම මගේ කැමරාවේ සටහන් කර ගතිමි. වලසෙකු දඩයම් කල පිරිසක් විසින් ගත චායාරූපය ඒ අතරින් සුවිශේෂී එකක් විනි.

16807668_1031930826912137_1229091391500366809_n.jpg
දඩයම් කල වලසෙකු සමඟ ගත් චායාරූපයක්

ඊට අමතරව සාමුහික චායාරූපයක් ද තිබේ. එහි විශේෂත්වය වන්නේ සියලු දෙනාගේ නම් එහි මුද්‍රණය කොට තිබීමය. මෙම චයාරූයේ ඒ සියලු දෙනාගේ නම් සටහන්ව තිබුනද චායාරූපයට නැගීමේදී සිදුවූ අඩුපාඩු හේතුවෙන් පසුව සංස්කරණය කල චයරූපක් පල කරමි.

dd.tiff
ජන ජීවිතය

ප්‍රදේශයට මුලින්ම ගෙනා මෝටර් රථය සහිත පින්තූරයක්ද තිබිණි. එහි තිබු විස්තර අනුව සුන්දාළ සිට ආසන්නම ඔප්දාල් නගරය දක්වා දුර දොවර්ෆියෙල් කඳු වැටිය හරහා තරණය කිරීමට එයට පැය හතරක් පමණ ගත වූ බව සදහන් වේ.

ddd.tiff
Add caption

උදේ අහාරයත් සමඟ සුන්දාල් කුමරියේ තොරතුරු දැන ගැනීමෙන් පසු මම සුන්දාල් නගරයේ සංචාරය කලෙමි. ඉතා උස කඳු වැටි දෙකකට මදි වූ ගම්මානය කඳු වැටි දෙක මැද පිහිටි තැනි තලාව පුර විහි දී තිබිණි. එක කොනකින් එය සුන්දාල් කලපුවෙන් අවසන් වූ අතර අනෙක් කොන ඉතා පටු නිම්නය තුලින් ඔප්දාල් දක්වා විහිදුනි. නගරය පිහිටි කලපුව ආසන්න ප්‍රදේශය පා ගමනින් ගොස් අවරණය කල හැකි තරමට ඒ නගරය කුඩාය.

norway_sunndal.jpg
සුන්දාල් සානුව

එකවර ඉහල නැගෙන ඉතා උස කඳු මුදුන් සහිත සුන්දාල් නගරය “බේස් ජම්පින්ග්” නමැති ක්‍රීඩාවට ඉතා ප්‍රචලිත තැනක් විනි. මම සංචාරය කල සාමය ශීත ඍතුව නිසාවෙන් එහි බේස් ජම්ප් ක්‍රීඩා කරන කිසිවකුත් මට මුණ නොගැසුණු අතර ඉතා සීමිත ජනගහනයක් ජීවත් වන නගරයක් වූ හෙයින් මංමාවත් හිස්ව තිබිණි.

WP_20170219_08_03_59_Pro.jpg
ජන ශූන්‍ය නගරය

නගරයේ විවිධ තැන්වල විවිධ සමරු පලක නිර්මාණය කර තිබිණි. නොර්වේ සුවිශේෂී භාවය වන්නේ ඒ සමරු ඉදිකර ඇත්තේ කුමක් අරබයා දැයි බොහෝ දෙනෙක් නොදැන සිටීමයි. ඔබ නොර්වෙජියනුවෙකුගෙන් ඇසුවහොත් “කවුද ඕවා දන්නේ” ලෙස ඔබට පිළිතුරු ලැබෙනු ඇත. එක් නිර්මායක මගේ හිත ගත් අතර එය හිරු එළියෙන් වෙලාව බලා ගත හැකි පැරැණි ඔරලෝසුවක් මෙන්විනි. අඩුම වශයෙන් මම එසේ අනුමානය කලෙමි.

WP_20170219_09_09_30_Pro.jpg
සූර්ය වේලා මාපකයක් ?

 

නොර්වේ රට ඉතා දිගු උමන් මාර්ග සහිත රටක් බව මීට පෙර මම ඔබට කියා නැත්තම් මේ මොහොත මම ඒ සදහා උපයෝගී කර ගනිමි. සුන්දාල් කලපුවෙන් අවසන් වන නගරය අනෙකුත් නගර සමග යා කරන මාර්ගය ඉතා දිගු උමගකින් සම්බන්ධ කොට තිබුණි. ඒ උමගේ දිග කිලෝමීටර් හත හමාරක් පමණ වන වේ.

WP_20170219_09_25_50_Pro.jpg
උමං මාර්ගයේ පිවිසුම අසල ඇති දැන්වීම් පුවරුව

ඉතා උස කඳු මුදුන් මගේ දුරකතනයෙන් චායාරූප ගත කර ගැනීමට මා උත්සහා කලද එය එතරම් සාර්ථක වූ බවක් පෙනෙන්නට නැත.

WP_20170219_09_32_06_Pro.jpg
උස් කඳු මුදුන්
WP_20170219_09_36_11_Pro.jpg
උස් කඳු මුදුන්
WP_20170219_11_05_10_Pro.jpg
උස් කඳු මුදුන්

අවසානයේ අපි නැවත ගමන් ඇරබීමට සුදානම් උනෙමු. මේ බිත්ති දෙකක් වැනි කඳු මුදුන් දෙකකකට මැදි වී එහි ජීවිතය ගෙවූ බොහෝ දෙනා ලෝකය යනු සුන්දාල් සානුව යයි සිතා ඇනකොටා ගනිමින් කා කොටා ගනිමින් ජීවිත් වන විට ඉන් වසර එකසිය පනහකට නොඅඩු කාලයකදී ලෝකයේ ඈත කොනක දූපතක ඉපදුණු ශ්‍රී ලාංකිකයෙකු පැමිණ තොරතුරු සොයා අන්තර්ජාලයේ ලිපියක් පලකරනු ඇතැයි සීනේතු නොසිතන්නට ඇත. ජාති කුල මල ආගම් වෙනුවෙන් කා කොටා ගන්නා බොහෝ දෙනාට ඒ ඔස්සේ අලුතින් හිතන්නට මාවතක් විවරවූ බව සිතමින් මම ආපසු ආවෙමි.

WP_20170219_13_57_48_Pro.jpg
නැවත ගමන් ඇරඹීමට සුදානම් වූ මාර්ගය

ජෙෆ් එස් ඩී

What's Your Reaction?

තරහයි තරහයි
0
තරහයි
හිතාගන්න බෑ හිතාගන්න බෑ
0
හිතාගන්න බෑ
සුපිරි සුපිරි
0
සුපිරි
ජොලි ජොලි
0
ජොලි
අපොයි අපොයි
0
අපොයි
භයානකයි භයානකයි
0
භයානකයි
විකාර විකාර
0
විකාර

Comments 0

Your email address will not be published. Required fields are marked *

සුන්දාල් කුමරිය සොයා ගියෙමි.

Loading...
Choose A Format
Trivia quiz
Series of questions with right and wrong answers that intends to check knowledge
Poll
Voting to make decisions or determine opinions
Story
Formatted Text with Embeds and Visuals
List
The Classic Internet Listicles
Open List
Submit your own item and vote up for the best submission
Video
Youtube, Vimeo or Vine Embeds
Audio
Soundcloud or Mixcloud Embeds
Image
Photo or GIF
Gif
GIF format