විකෘතියද සත්‍යද අතරින්…


බොහෝ කලක් මා ඉතා අසාවෙන් රසවිඳි අපූරූ ගීතයක් තිබිණි. බොහෝ දෙනා ඒ ගීතය රසවිඳින බවත් මම දනිමි. පසු කලෙක එයට විකෘති අදහසක් එක කල අතර එය ඉතා සීඝ්‍රයෙන් සමාජගත විනි. දැන් ඒ විකෘතියට එරෙහි වීම මහත් වූ අදහස් ගැටුමකට හේතුවනු නොඅනුමානය. මා මගේ අදහස සමාජගත කිරීමට ප්‍රථම ගීතයේ පදවැල් නියමාකාරයෙන් ලියා තබමි. ඉන්පසුව එහි සැඟවූ අදහස් කීපයක් ඉස්මතු කරමි. අවසන තීරණය ඔබට භාර දෙමි.

 

සඳකඩපහණක කැටයම් ඔපලා

පාවෙන දේදුනු ලැගුම් ගනී

කැළැතුණු රසයක පැන ආ බුබුළක්

අකුරු වැලක් දෙහදක ලියැවේ

යුගයෙන් යුගයට නොමියෙන දහමක

දිවියක පදනම මතුවෙද්දී

නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා

සියුමැලි කැකූළක් මැළවෙද්දී


දහසක් පෙති මත රහසක් කොඳුරා

තුඩින් තුඩට ගෙන යන බිංදු

ගව්වක් ඉහළක ගොනුකොට රඳවා

පොපියන දෙතොළක් එහි කැන්දූඅහසක් ගුගුරා කළුවක් වපුරා

ඒ හා මුහුවන වැහි බිංදු

ඈ ගෙන යද්දී නටබුන් අතරෙක

තවෙකෙක් ඈ වෙත හද රැන්දූ


හද විල ඉපැදුණු කැකුළක් නොකලට

නටුවෙන් ගලවා දුරක යවා

මිහිලිය තෙත්කොට ගිලිහුණු කඳුළක්

සත් සමුදුරකට මුහුව ගියාඔබට උරුම වූ රිදුණු තැවුණු හද

එක්ටැම් මැඳුරක කවුළු අරා

රුවන් විමානෙන් පියඹා එනතුරු

පොපියන හදවත සිටියි බලා

 

 

 

මේ ගීතය පුරා මා දකින්නේ නම් විරහ වේදනාවම පමණි. මෙහි පද පේළියක

 

“යුගයෙන් යුගයට නොමියෙන දහමක දිවියක පදනම මතුවෙද්දී යැයි ලියමින් සදාකාලිකව වෙනස් නොවන ජීවන දහමක් ගැන ගීතයේ නිර්මාපකයා ඉඟියක් සපයා ඇත. මගේ නිගමනය අනුව නම්  ඒ වෙනස් වීම, නැති වීම හෙවත් අනිත්‍ය ස්වභාවයය.

මෙහි ඉන් අනතුරුව කියවෙන “සියුමැලි කැකුල” කුමක්දැයි හඳුනා ගන්නට ගීතයේ අනෙකුත් පද විග්‍රහ කොට බලමු.

“දහසක් පෙති මත රහසක් කොඳුරා තුඩින් තුඩට ගෙන යන බිංදු ගව්වක් ඉහළක ගොනුකොට රඳවා”

මී මැස්සෙකු දහසක් මල්පෙති අතර කිමිදෙමින් ඉතා සෙමින් රැස් කල අනගි භාවනීය රසය බොහෝ සුරක්ෂාවෙන් ගව්වක් දෙකක් හෝ හැකිනම් ඊටත් වඩා ඉහලින් රැස් කර තබන්නා සේ බොහෝ සේ  වෑයමින් ක්‍රම ක්‍රමයෙන් උපයා ගත් ආදරය අන් කෙනෙකුට අසු නොවන මානයේ ලොවට හොරෙන් සඟවා තබන්නට ගීතයේ පෙම්වතා මහත් වෙහෙසක් දරයි.

 

අහසක් ගුගුරා කළුවක් වපුරා ඒ හා මුහුවන වැහි බිංදු

 

“පොපියන දෙතොලක් ලෙස හැඳින්වූ පෙම්වතාගේ ද්වේශයට ලක්වන ආගන්තුකයා අපූරුවට තනා තිබූ ආදර මී වදය විනාශ කොට දැමු වගත්, ඔහු පෙම්වතාට වඩා ප්‍රභල බව ගීතයේ කතුවරයා උපමාවකින් මනාවට විග්‍රහ කොට ඇති බව මට හැගේ.

“අහසක් ගුගුරා කළුවක් වපුරා යැයි ව්‍යංගයෙන්  ලියවෙන්නේ එහෙයිනි.

 

එයට එරෙහි වීමට ආදරවන්තයා ශක්තිමත් නැති බව කියන්නේද අපූරු උපමාවකිනි.

“ඒ හා මුහුවන වැහි බිංදු”.

ආදර මී වදය අකලට වට මහා වරුසාවෙන් තෙමි දියාරු වී විනශ වී ගිය අයුරු මනාවට විදහා පෙන්වන්නට ගේය පද රචකයා අති දක්ෂ වී ඇත.

හද විල ඉපැදුණු කැකුළක් නොකලට නටුවෙන් ගලවා දුරක යවා

 

ඔහු විනාශ කලේ තමාගේ හද විලේ උපන් එකම කැකුල බව හෙතෙම ලොවට කියාසිටි. ඉන් අනතුරුව පද පේලියේ තමාගේ වේදනාවන් ලෝකයේ අනෙකුත් දහසකුත් දේ අතර නොපෙනී සැඟවී ගිය අයුරුද මනා කොට විස්තර කෙරේ.

“මිහිලිය තෙත්කොට ගිලිහුණු කඳුළක් සත් සමුදුරකට මුහුව ගියා”

 

“ඔබට උරුම වූ රිදුණු තැවුණු හද එක්ටැම් මැඳුරක කවුළු අරා රුවන් විමානෙන් පියඹා එනතුරු පොපියන හදවත සිටියි බලා”

පෙම්වතා පමණක් නොවී පෙම්වතියත් ශෝක වන බවත් මහා මේඝයටත් වඩා  බලවත් වී රුවන් විමානයකින් පියඹා දිනෙක ඈ සොයා පැමිණෙතැයි එක්ටැම්ගෙයි සිරවී සිටින ආදරවන්තිය බලාපොරොත්තු වන බව සිතමින් පෙම්වතා තම විරහ වේදනාව ලෝකයා  හමුවේ කියාසිටී.

 

තමාගේ හදේ මෙන්ම අනෙකාගේ හදේද සනිටුහන් වූ ආදරයේ සටහනත් තම  පූජනීය ප්‍රේම දෙවොලේ දොරටුව මත මහත් සෙනෙහසින් මහත් වෑයමින් කැටයම් කල සඳකඩ පහන තවමත් ඉතා ඔපවත්ව ඒ අකාරයෙන්ම ඇති බව හෙතෙම කියා සිටී.

සඳකඩපහණක කැටයම් ඔපලා පාවෙන දේදුනු ලැගුම් ගනී”

 

තම හද පතුලේ පිපෙන්නට වෙර දරන ප්‍රේමයේ ප්‍රථම මල් කැකුළ “සියුමැලි කැකුල බලහත්කාරයෙන් මෙන් මිලින කළ බව පද පේලි අතරේ ලියා ඇත්තේ විශිෂ්ට ආකාරයෙනි.

“නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා සියුමැලි කැකූළක් මැළවෙද්දී”

 

සඳකඩ පහන සත්වයාගේ දුක නිවීමේ කෙලවර නිරූපණය කර ඇති බව හදුනා ගත් කල,  ගීතයේ පෙම්වතාගේ තනිකඩ ජීවිතයේ පෙම්වතියකගේ අඩුව, පාළුව, හුදෙකලාව, ශෝකය කෙලවර කරමින් අපූර්වත්වයෙන් තම හද පුදසුන අභියස නිර්මිත සඳකඩ පහන-ප්‍රථම ප්‍රේමය , අවසන  ලෝකයේ සත්‍ය දහම වූ නැතිවීම හෙවත් අනිත්‍ය හමුවේ නැවත ඔහුටම දුක ගෙනදීමට සමත්වූ බව අපූරුවට කියා පාමින් ලංකේය ගීත සාහිත්‍යයේ විශිෂ්ට ගීත නිර්මානයක් අවසන් වේ.

What's Your Reaction?

තරහයි තරහයි
0
තරහයි
හිතාගන්න බෑ හිතාගන්න බෑ
0
හිතාගන්න බෑ
සුපිරි සුපිරි
1
සුපිරි
ජොලි ජොලි
0
ජොලි
අපොයි අපොයි
0
අපොයි
භයානකයි භයානකයි
0
භයානකයි
විකාර විකාර
0
විකාර

Comments 0

Your email address will not be published. Required fields are marked *

විකෘතියද සත්‍යද අතරින්…

Loading...
Choose A Format
Trivia quiz
Series of questions with right and wrong answers that intends to check knowledge
Poll
Voting to make decisions or determine opinions
Story
Formatted Text with Embeds and Visuals
List
The Classic Internet Listicles
Open List
Submit your own item and vote up for the best submission
Video
Youtube, Vimeo or Vine Embeds
Audio
Soundcloud or Mixcloud Embeds
Image
Photo or GIF
Gif
GIF format