නොර්වේදී ලියමි


මම දැන්  ඉන්නේ  නොර්වේ රටේ. මගෙත් එක්ක තවත්  කිහිප දෙනෙක් ඉන්නවා. අපි ඔක්කොම උසස් අධ්‍යාපනය හදාරන්න තමයි මෙහේ අවේ. ඒ වැඩපල අතරේ විවේක වෙලාවට තමයි මම මේ පිටුවේ විවිධ දේවල් ලියන්නේ.

 

එක දවසක් අපි කට්ටිය එකතු වෙලා කතා කර කර හිටියා. සමහර දාට අපි එකතුවෙලා මොනවා හරි හදාගෙන කනවා. එහෙම දවස් වල අපි එක එක දේ ගැන කතා කරනවා. මගේ සමාගමේ ඉන්න මිතුරියක් ඇහුවා “නොර්වේ” ගැන ලියවුණු සිංදු නැද්ද කියලා. එක වරම මගේ මතකයට අවේ “රෑ …………….  දුරු රට මේ හිම වරුසා   සීත පාළුවේ” කියන ගීතය. ඒ ගීතයේ තියෙනවා “මූදු සතකින් ඈත දේශේ මා තනිවේ” කියලා වචන පේලියක්. ඊට පස්සේ එයා තර්ක කළා “මුහුදු හතක් පහු උනේ නෑ” කියලා. අන්තිමට අපි මුහුදු කීයක් ඇත්තටම පහු කළාද  කියලා ගණන් කරන්න අපිට සිද්ද උනා.

 

මූදු කීයක් පහු උනාද කියන එක නෙවෙයි මම ලියන්නේ. අපි අද කොච්චර දුරින්ද ඉන්නේ කියලා. කොච්චර ඈත අපි හිටියත් අපේ හිත් තියෙන්නේ වෙනත් තැනක. මමත් මගේ මිතුරනුත් එහෙම හිත් වෙන තැනක තියාගෙන තමයි නොර්වේ ඉන්නේ.

 

සමහර වෙලාවට  අපි දෙන්නා එකට හිටපු කාලේ, ගමන් බිමන් ගිය හැටි, කපු බීපු හැටි අපේ ගෙදර රිකී බල්ලා එහෙම මතක් වෙනවා. ඒ කලේ හරිම රසවත්. මොනවද අපිට නොතිබුනේ? මටත් ඔයාටත් ජීවිතේ අවශ්‍ය උනු ගොඩාක් දේ තිබුණා. එකම දෙයක් අපි දෙන්නටම තිබ්බේ නෑ. නිදහස…!!!!!!!!!!

මතකද ගොඩාක් දවස් වලට අපි උදේ හතට ගෙදරින් ගියාම අපහු අවේ රෑ හතට.

 

සමහර ඒවා මතක් වෙලා හිනාත් යනවා. සමහර වෙලාවට දුක හිතෙනවා. සමහර විට හිතෙනවා අයේ ඉක්මනට එක තැනකට එන්න ඕනේ කියලා.

 

හිතට අස්වැසිල්ලක් ලැබෙන්නේ මෙහෙම තනියම  ලියන වෙලාවට. එක වතාවක් මම විදේශ රටක වැඩ කර කර හිටියා. ඒ කාලෙත් හරිම වෙහෙස කරයි. මගේ වැඩපලේ මගෙත් එක්කම වැඩට ගිය මිතුරෙක් හිටියා. අපි දෙන්නම විවේක වෙලාවට අහපු  සිංදුවක් තිබුණා.

ඒ ගීය මට මෙහෙ ඉද්දිත් මතක් වෙනවා.

 

“ඔබට මා ආදරය කල බව මෙතරම් මා දමා ඔබ දුරු රට යනතුරු නොදනිම්”

ඒ වගේම අර මම මුලින් සදහන් කල ගීයත් මතක් වෙනවා.

 

“රෑ දුරු රට මේ හිම වරුසා සීත පාළුවේ ”

 

ඇත්තටම සමහර දේවල් අපිට ලගින් ඉන්න වෙලාවට දැනෙන්නේ නෑ.

What's Your Reaction?

තරහයි තරහයි
0
තරහයි
හිතාගන්න බෑ හිතාගන්න බෑ
0
හිතාගන්න බෑ
සුපිරි සුපිරි
1
සුපිරි
ජොලි ජොලි
0
ජොලි
අපොයි අපොයි
0
අපොයි
භයානකයි භයානකයි
0
භයානකයි
විකාර විකාර
0
විකාර

Comments 1

Your email address will not be published. Required fields are marked *

නොර්වේදී ලියමි

Loading...
Choose A Format
Trivia quiz
Series of questions with right and wrong answers that intends to check knowledge
Poll
Voting to make decisions or determine opinions
Story
Formatted Text with Embeds and Visuals
List
The Classic Internet Listicles
Open List
Submit your own item and vote up for the best submission
Video
Youtube, Vimeo or Vine Embeds
Audio
Soundcloud or Mixcloud Embeds
Image
Photo or GIF
Gif
GIF format