කවුද මේ සකී? ”


අපට එදිනෙදා ජීවිතයේ මඟතොට දී හමුවන කාන්තාවන් ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට බෙදා වෙන්කොට දැක්විය හැකි ය. (අවශ්‍ය නම් ඊට වඩා වැඩි වර්ග ගණනකට බෙදීමට හෝ වර්ග අනන්තයකට බෙදීමට හෝ හැකි බව ද මම පිලිගනිමි). එම ප්‍රධාන වර්ග දෙක ගැන ම වෙන වෙන ම කියවෙන අපූරු ගීත දෙකක් ඊයේ දිනයේ දී මා ශ්‍රවනය කලෙමි. එබැවින් මා හට ඒ ගැන යමක් මුහුණු පොතට ලියන්නට සිතුණි. ඉන් එක් වර්ගයක් වනුයේ දැක්ක ම ප්‍රිය උපදවන සීදේවි පෙනුමැති තැම්පත් විනීත ඇඳුම් පැළඳුම් වලින් සැරසුණු කාන්තාවන් ය. අනෙක් වර්ගය වනුයේ දුටුවිට මොලය විකල් වී යන-එන මඟ ද අමතක කරවන; කාමුක ලෙස අර්ධව හෙළුව සහිතව ඇඳ පැළඳ සිටින හෝ ශරීරයේ ඒ ඒ අදාළ අවයවයන් ඉලිප්පී පෙනෙන ආකාරයට ඇඳ පැළඳ සිටින කාන්තාවන් ය. මේ දෙවර්ගයෙන් පළමු වර්ගයේ කාන්තාවන් පමණක් හොඳ යැයි කීමට මම බොළඳ නොවෙමි. දෙවැනි වර්ගයේ ද හොඳ කාන්තාවන් ඕනෑ තරම් සිටිය හැකි අතර පළමු වර්ගයේ උපාසක බළලුන් ද සිටිය හැකි ය. ලෝක සොබහවය එයයි.
.
මෙම පළමු වර්ගයේ කාන්තවන් ගැන සඳහන් වන මෙම ගීතයේ පද රචනා කොට; ඉන් නොනැවතී එතුමාගේ හික්මුණු ලයාන්විත හඬ භාවිතාකරමින් එම ගීතය ගායනය කරනුයේ; ඉතා පරිස්සමෙන් ගීත තෝරා බේරාගෙන ගයන අප හදවතේ සැමදා ගෞරවාන්විත ලෙස ජීවත්වන “සෝමතිලක ජයමහ” කළාකරුවා විසින් ය. මෙම ගීතය එතුමාගේ අන්තිමට එළිදැක්වුණු ටොරානා ලේබලය සහිත “ඔබ මලක් වෙලා” සංගත තැටියේ අන්තර්ගත ය. මෙම ගීතයට සුන්දර හා හදවතට දැනෙන අපූරු සංගීත සංයෝජනයක් එක්කොට; එය අපගේ ශ්‍රව්‍ය ඉන්ද්‍රිය වෙත ආකර්ෂණය කිරීමට අදාළ මුලික ම කාර්යය සිදුකොට ඇත්තේ කරුණාරත්න විජේවර්ධන නම් දක්ෂ සංගීතඥයා විසිනි. එම ගීතයේ පදවැල සෝමතිලක ජයමහ විසින් පහත පරිදි ලියා ඇත.
.
.
පියුමකී රුසිරු උවනත
කොඳ මල් සිනා මුවමත
සඳකැන් දියේ පාවෙන
හසඟනක් වැනී
කවුද මේ සකී ?
.
සෙනෙහස ද පිරී ළය තුළ
ඉඟ සුඟයි කියූ කිවියර
නෙතු අඟින් ගෙනේ
පෙමකට ආරාධනා…
තුන්සිතින් පවා මංවත්
නොපැතූ අරුමෙකී
බලනු මැන සකී !
.
දිගු කලක් මගෙන් ලෝකය
විමසනා සොඳුරු පැනයට
උත්තරේ දෙතොත්
ඇය නම් දොසක් නැහැ කිසී…
සුපිපී මලක් හිසමත
රඟනා අරුමෙකි
බලනු මැන සකී !
.
.
මෙම පදවැලෙන් කියවෙන අරුත හා එය කියා ඇති මනරම් ආකාරය ද මා අමන්දානන්දයට පත් කරයි. මෙම තරුණයා තුන් හිතකින්වත් නොසිතු ආකාරයට ඇය කාන්තිමත් දෙනෙත් වලින් ඔහු වෙත ආදරය පවසන ආකාරය යන යෙදුම කොතරම් සොඳුරු යෙදුමක් ද ? එමෙන් ම ගී පද රචකයා පවසන ආකාරයට එම තරුණයාගෙන් ලෝකයේ මිනිසුන් නිතර නිතර අහන ප්‍රශ්නයක් ඇත. එය එක්කෝ “කෝ තවම ආදරවන්තියක් නැද්ද ?” යන්න හෝ නැතහොත්, “තවම බඳින්නේ නැද්ද ?” යන්න ය. එයට එම තරුණයා දෙනු ලබන සුන්දර පිළිතුර “ඇය නම් ඉතිං කමක් නැහැ!” ලෙසයි. ඇයව හිමිවේ නම් එම තරුණයාගේ හිසේ මලක් පිපුණා වැනි ය. මෙලෙස හදවතට දැනෙන ගී පද කොතරම් සුන්දර ද ?
.
.
දැන් අපි දෙවන වර්ගයේ කාන්තාවන් ගැන බලමු. මෙම දෙවන වර්ගයේ කාන්තවන් ගැන කියවෙන මෙම ගීතයේ පද රචනය කොට ඇත්තේ කරුණාරත්න අබේසේකර සූරීන් විසිනි. දෙවන වර්ගයේ කාන්තාවන් වන; දර්ශනය වූ විට මොලය විකල් වී යන-එන මඟ ද අමතක කරවන; කාමුක ලෙස අර්ධව හෙළුවෙන් ඇඳ පැළඳ සිටින හෝ ශරීරයේ ඒ ඒ අදාළ අවයවයන් ඉලිප්පී පෙනෙන ආකාරයට ඇඳ පැළඳ සිටින කාන්තාවන් දුටු විට මෙසේ තෙරුවණ සිහිකර සිත දමනය කරගන්න යැයි අබේසේකරයන් පවසයි. එම ගීතය සඳහා සුන්දර හා හදවතට දැනෙන සුනම්‍ය සංගීත සංයෝජනයක් එක්කොට ඇත්තේ සරත් වික්‍රම සූරීන් යයි එම ගීතය අඩංගු සංගත තැටියේ සඳහන් වේ. එම ගීතය ගායනය කරනු ලබන්නේ අසහාය මනෝභාවමය ගායන ශිල්පී මෙහිදීන් බෙග් සූරීන් විසිනි. එය බෙග් මාස්ටර් ගේ “අංගුලිමාල – ඔබේ රාගී” සංගත තැටියේ අඩංගු ය. එය පහත පරිදි අප හැම අසා ඇති සුන්දර පදවැලකි.
.
.
ඔබේ රාගී මන කැළඹේ දෝ ?
ක්ලේශයෝගයේ නෑවේ දෝ ?
.
ඔබේ රාගී මන කැළඹේ දෝ ?
පිවිතුරු හදවත පෑරේ දෝ ?
එමවිට පවසනු මුවින් ඔබේ…
බුද්ධං සරණං ගජ්චාමී…
ධම්මං සරණං ගජ්චාමී…
සංඝං සරණං ගජ්චාමී…
.
.
.
එම පදවැල කොතරම් අර්ථාන්විත එකක් දැයි අපහට කියා නිමකළ නොහැකි ය. කෙසේ වෙතත් මේ ආකාරයෙන් එවැනි කාන්තාවක් දුටුවිට අපට බුදුගුණ සිහිකරමින් එම මානසිකව ඇතිවිය හැකි ව්‍යාධියට ඖෂධ ගෙන එම මානසික ව්‍යාධිය සුවපත් කරගත හැකි ය.
.
අවසාන වශයෙන් මේ දෙය පවසා මෙම සටහන නිමා කරමි. මෙම කාන්තාවන් දෙවර්ගය ම අපට මඟ-තොටේ දී, චිත්‍රපට හා ටෙලිනාට්‍ය වල දී,…… පමණක් නොව මුහුණු පොතේ දී ද නිතර මුණගැසේ !
.
.
ඔබ සැමට තෙරුවන් සරණයි !

මට මේ සටහන දුන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය මදුරංග ප්‍රනාන්දු සර්.
බොහොම ස්තුති සර් මේ සටහනට.

ආචාර්ය ප්‍රසන්න මධුරංග ප්‍රනාන්දු
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,
භෞතික විද්‍යා අධ්‍යයනාංශය,
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය.

What's Your Reaction?

තරහයි තරහයි
0
තරහයි
හිතාගන්න බෑ හිතාගන්න බෑ
0
හිතාගන්න බෑ
සුපිරි සුපිරි
0
සුපිරි
ජොලි ජොලි
0
ජොලි
අපොයි අපොයි
0
අපොයි
භයානකයි භයානකයි
0
භයානකයි
විකාර විකාර
0
විකාර

Comments 0

Your email address will not be published. Required fields are marked *

කවුද මේ සකී? ”

Loading...
Choose A Format
Trivia quiz
Series of questions with right and wrong answers that intends to check knowledge
Poll
Voting to make decisions or determine opinions
Story
Formatted Text with Embeds and Visuals
List
The Classic Internet Listicles
Open List
Submit your own item and vote up for the best submission
Video
Youtube, Vimeo or Vine Embeds
Audio
Soundcloud or Mixcloud Embeds
Image
Photo or GIF
Gif
GIF format