ඔබ තව දුරටත් ලොක්කෙක් හෝ සොක්කෙක් නොවේ


ස්කැන්ඩිනේවියාව ලෙස හැදින්වෙන රටවල් අතුරෙන් එක රටක් මා දැනට ජීවත් වන නොර්වේ රාජ්‍යය. එය ප්‍රධාන රාජ්‍ය තුනකින් සමන්විත වේ. එහි අනෙකුත් රටවල් වන්නේ ඩෙන්මාර්ක් හා ස්වීඩනයයි.  මේ සියල්ලම පාහේ බොහෝ දුරට සමාන ජාතීන් වාසය කරන ඉතා සමාන සංස්කෘතියකින් හෙබි, එමෙන්ම දේශගුණයෙන්ද බොහෝ දුරට එක සමාන රටවල්ය. ඉතා සමාන භාෂාවන්ද කතා කරන කලාපයකි.

මා මෙහිදී සාකච්චා කරන්නේ ඉන් එකක් වත් නොවේ. මා කතා කරන්නේ ඔවුන් සතු සුවිශේෂීවූ පිලිගැනීම් දහයක් ගැනය. ඔවුන් එය හදුන්වන්නේ “යන්තේලොවන්” හෝ “යෙන්තේලොවන්” ලෙසිනි.  මෙය “යන්තේ” නම් නගරය අශ්‍රිතව බිහි වූ බැවින් “යන්තේ”, “යෙන්තේ “යන්නත් නෝර්වේජියානු භාෂාවෙන් නීතිය යන්නට යෙදෙන “ලොවන්” යන වචනයත් යන වචන දෙක එක් කොට යෙන්තලොවන් යන වචනය සෑදී ඇත. එය හුදු කිසිදු අයෙකු තමාට වඩා උසස් නොවන බවත් කිසිදු අයෙකු තමාට වඩා පහත් බවත් නොසිතන පොදු පිළිගැනීමකි. “අක්සෙල් සන්දිමොස්”  නම් ලේඛකයා විසින් මුලින්ම ඉදිරි පත් කල ඒ මතවාදය දැනට මුලු ස්කැන්ඩිනේවියාව පුරා  ප්‍රචලිත නිරන්තර පරිහරණය කරනු ලබන මතවාදයකි.

එහි,

1) අන් අයට ඔබ සුවිශේෂී පුද්ගලයෙක් නොවේ.

2) අන් යට වඩා ඔබ  වඩා හොඳ  අයෙකු නොවේ.

3) අන් අයට වඩා ඔබ ස්මාර්ට් අයෙකුද නොවේ.

4) ඔබ අපට වඩා සුවිශේෂී බව අඟවන්නට අවශ්‍ය නැත.

5) ඔබ අන් අයට වඩා දන්නා අයෙකු නොවේ.

6) අන් අයට ඔබ වැදගත් අයෙකු ලෙස  අඟවන්නට අවශ්‍ය නැත.

7) ඔබ කිසිවකට අසීමිතව දක්ෂ නැත.

8) ඔබට අන් අය අවමානයට පත් කල නොහැක.

9) අන් අය ඔබ කෙරෙහි විශේෂ සැලකිල්ලක් ඇතැයි ඔබ නොසිතිය යුතුය.

10) ඔබට අන් අයට ඉගැන්වීම කල නොහැක.

 

එසේම එහි, අපද ඔබට වඩා වැදගත් හෝ දන්නා අය නොවේ යනුවෙන්ද සදහන්ය. ඉන් කියවුණේ ඉහත කී සියල්ලේම විරුද්ධ අර්ථයය.  ඉන් සමාජයේ ඔබේ තැන වෙන්කර දෙන බව මගේ පිළිගැනීමයි. පොදුවේ මෙහිදී කිසිවකුටවත් “සර්” කියන්නේ නැත. අන් අය ඔබට එසේ කියන්නේද නැත. අන් අය ඔබ ඉතා සුවිශේෂී ලෙස නොදකින අතර ඔබ හෙලා දකින්නේද නැත. මා මීට පෙර වරක් ලියු පරිදි ස්ත්‍රී සමානාත්මතාවය ඇතිවී ඇත්තේද මේ නිසාවෙන් බව සිතිය හැක. මා දැනට අධ්‍යාපනය හදාරන පාසලේදී වත් අප කිසිවකුට “සර්” කියන්නේ නැත. ඉන් සිදුවී ඇතැයි හැගෙන අගතියක් මා මෙතෙක් නොදුටිමි. සියල්ලෝම සමතැන ලා සලකති.

 

මා අදහන පරිදි ලෝකය ඉතා සම තැනක් වන්නේ ශිෂ්ටත්වය වැඩිවූ විටය. ඇතැම් බොහෝ දියුණු සමාජවල මානව නිදහස පිළිබද විවිධ මතවාද ගොඩ නැගෙන්නේ මානව සිතුම් පැතුම් පරිණාමය වීමත් සමගය. මානව අයිතිවාසිකම් පිලිබඳ කතිකාවතක් හැදෙන්නේ ඒ හරහාය. ඒ ශිෂ්ටාචාරයේ ශිෂ්ටත්වයේ  එක් මිනුම් දණ්ඩකි.

 

මීට සියවස් කිහිපයක් පසුපස හැරී බැලූ කළ නොර්වේ රටේ සිටියේ මුහුදු මාර්ගයෙන් අන් රටවල් වලට කඩාවැදී මංකොල්ල කමින් ජීවත් වූ අශිෂ්ට ජාතියක් වූ “වයිකින්” වරුය. ඊට බොහෝ කලකට පෙර පටන් අපේ ජාතිය වැව්, අමුණු, දාගැබ් නිර්මාණය කල ශ්‍රේෂ්ඨ ජාතියක් විණි. එහෙත් අපේ මානව පරිණාමය කොතැනකදී  හෝ මන්දගාමී වීම අරබා ඇති අතර ඒ අතරේ ලෝකයේ බොහෝ ජාතීන් අප අභිබවා ගොස් ඇත. අප මානව පරිණාමයට එරෙහි වීම යනු නුදුරේම පරාධීන ජාතියක් වීමේ ආරම්භක ලක්ෂණයක් බව නොපැකිල කිව හැකිය.

ජනාධිපති, අගමැති, මැති, ඇමති, උපකුලපති, ගොවි, කම්කරු, වෙළෙඳ, රියදුරු,  ආදී  සියල්ලන්ටම සමතැන ලැබෙන රටක් කොතරම් සුවිශේෂී විය හැකිද? අපට ඒ ශිෂ්ටත්වයට එරෙහි විය හැකිද?

What's Your Reaction?

තරහයි තරහයි
0
තරහයි
හිතාගන්න බෑ හිතාගන්න බෑ
0
හිතාගන්න බෑ
සුපිරි සුපිරි
1
සුපිරි
ජොලි ජොලි
0
ජොලි
අපොයි අපොයි
0
අපොයි
භයානකයි භයානකයි
0
භයානකයි
විකාර විකාර
0
විකාර

Comments 0

Your email address will not be published. Required fields are marked *

ඔබ තව දුරටත් ලොක්කෙක් හෝ සොක්කෙක් නොවේ

Loading...
Choose A Format
Trivia quiz
Series of questions with right and wrong answers that intends to check knowledge
Poll
Voting to make decisions or determine opinions
Story
Formatted Text with Embeds and Visuals
List
The Classic Internet Listicles
Open List
Submit your own item and vote up for the best submission
Video
Youtube, Vimeo or Vine Embeds
Audio
Soundcloud or Mixcloud Embeds
Image
Photo or GIF
Gif
GIF format