ආණ්ඩුව, පෙට්‍රෝල්, සුදු කිරණ හා කළු කිරණ


ආණ්ඩුව, පෙට්‍රෝල්, සුදු කිරණ හා කළු කිරණ

අද උදෑසන ලංකාවේ ජීවත් වන මගේ සහෝදරයන් දෙදෙනා සමඟ ඇතිවූ සංවාදයෙන් අනතුරුව මෙසේ පොඩි සටහනක් තැබීමට සිතුනා. හැමෝටම වැදගත් වෙයි කියලා හිතනවා මම. මොකද පසුගිය දිනවල රට පුරා කතාකලේ මේ ගැන නිසා. මගේ මල්ලිලා දෙදෙනාම කිව්වේ මෙහෙම.

"පෙට්‍රෝල් නැහැ ලොකූ. පෝලිම්වල ඉඳලා එපා වුනා. මේ ආණ්ඩුව නම් කිසිම වැඩකට නැහැ. මුන් ගැන හිතනකොට පුදුම කේන්තියක් එන්නේ අප්පා"

මම දෙදෙනාටම කිව්වේ මෙහෙම.

"ඕක ආණ්ඩුවේ වරදක්ද? නැත්නම් ඔයාලගේ වරදක්ද? මම ඔයාලා උනානම් කාර් එක ගෙදර දාලා බස් එකේ යනවා. ටිකක් උදේම ඇහැරෙන්න වෙයි. තැලිලා පොඩිවෙන්න වෙයි. ඒත් මොකෝ වැඩට යනවානේ කියලා. එතකොට කාටවත් දොස්නගන්න ඕනෙත් නැහැ. පෝලිම් වල ඉන්න ඕනෙත් නැහැ. කොටින්ම කියනවා නම් ඇඟේ ලේ ටික පුච්චගන්න ඕනෙත් නැහැ"

දෙන්නටම කියන්න දෙයක් නොතිබුන නිසාද කොහේද "හ්ම්" කියලා ඒ සංවාදය එතනින් ඉවර උනා. මම දැන් මගේ සටහන ලියන්නම්.

ඔය පෙට්‍රෝල් ප්‍රශ්නය ගැන මම නම් දන්නේ නැහැ. මට ඕක හොයන්න ඕනෙත් නැහැ. සමහරු කිව්වා ආණ්ඩුව තියෙන පෙට්‍රෝල් නැති කරලා පෙන්නුවා කියලා. ඇත්ත වෙන්න පුළුවන් මොකද ජනතාවට ආදරේ නොකරන, බලතන්හාවෙන්ම පෙලෙන, නිතරම බොරුවෙන් ජනතාව මුලා කරන පාලකයෝ තමයි අපිට හැමදාම ලැබුනේ. මහින්ද රනිල් මෛත්‍රී ඔය සේරම එකයි. තමන්ගේ බඩ වියත රැක ගන්න පමණක් උපන් පිරිසක් තමයි ඔය පාර්ලිමේන්තුවේ බහුතරයක් දෙනා. එයයි මගේ පෞද්ගලික අදහස. ඒත් ඒක ගැන නෙවෙයි මට ලියන්න ඕනේ ඇත්තටම.

ඇත්තටම මම ලංකාවේ හිටියානම් මම කරන්නේ කාර් එක ගෙදර දාලා බස් එකේ යන එක. වෙනදාට වැඩිය අපහසුතාවයක් දැනෙයි. ඒත් ජීවිතේ එහෙම අවස්ථාවන් වලටත් මුහුන දෙන්න අපි පුරුදු වෙන්න ඕනේ. ලොවුතුරා බුදුපියාණන් වහන්සේ එක් වස් කාලයක ආහාර නැතුව අශ්වයන්ට දෙන යවහාල් වළඳලා හිටියේ. ඉතින් උන්වහන්සේට එහෙම තත්වෙකට මුහුන දෙන්න පුලුවන්නම් ඇයි අපිට බැරි? හැමදාම කාර් එකේ යන්න ඕනේ කියලා නීතියක් නැහැනේ. මොකෝ අපි බස්වල නොගියපු උදවියද? හරි මෙහෙම හිතන්න. කුමන හෝ හේතුවක් නිසා මැදපෙරදිගින් හරි ඉන්දියාවෙන් හරි අපිට තෙල් එවන්නේ නැහැ. එතකොට අපේ මිනිස්සු මොකද්ද කරන්නේ? ආණ්ඩුවටද මැදපෙරදිගටද බනින්නේ? අපේ මිනිස්සු පුරුදුවෙලා තියෙන්නේ හැමදේටම කේන්ති අරගෙන ද්වේෂ සහගත සිතුවිලි ඇතිකරගන්න.

ඔබ ඔය කේන්ති අරගෙන මිනිසුන්ට බනින වාරයක් වාරයක් පාසා මේ විශ්වයට එකතු කරන කළු කිරණ ප්‍රමාණය ගැන ඔබට ඇත්තෙන්ම වැටහීමක් නැහැ. වාසනාවකට වගේ ආර්‍ය මෛත්‍රිය වඩන පිරිස (දිව්‍ය බ්‍රහ්ම මනුස්ස ) නිකුත් කරන සුදු කිරණ කදම්බයේ ශක්තිය වැඩි නිසා ඔබේ ඔය කළු කිරණ තවමත් යටපත් වෙලා තියෙනවා. ඒකයි තවමත් ඔබත් මමත් යහතින් ජීවත් වෙලා ඉන්නේ. එහෙම නොවුනා නම් මෙලහකත් අපි දැවී පිච්චී හමාරයි. දිනපතා අතිවිශාල කළු කිරණ ශක්තියක් විශ්වයට මුදාහරින්නන් අතර සුදු කිරණ මුදාහරින්නෙකු වීමට ඔබ හැකි නම්.

ඔබ සැබෑ බෞද්ධයෙක් නම් ඔවැනි දේවල් වලට කම්පා වෙන්න ඕනේ නැහැ කියලයි මට හිතෙන්නේ. අටලෝ දහම ගැන ඔබ දන්නවානේ ඉතින්. පෙට්‍රෝල් ප්‍රශ්නේ නෙවෙයි ජීවිතේ එදිනෙදා මුහුන දෙන හැම ප්‍රශ්නයක් ගැනම යොනිසෝමනසිකාරව හිතන්න අපි පුරුදුවෙන්න ඕනේ. එහෙම උනාම තමයි ලය සිහිල් වෙන්නේ. ලය සිහිල් වන තැන "සීලය" පිහිටනවා. එවිට ද්වේශ සහගත සිතුවිලි යටපත් වී මෛත්‍රී සිතුවිලි පහල වෙනවා. එවිට ඔබෙන් පිටවන සුදු කිරණ ශක්තිය මේ මුළු ලෝකයම සුවපත් කරාවි.

තවදෙයක්. ජීවිතේ කොච්චර සැප පහසුකම් තිබුනත් ඕනෑම වෙලාවක ඕනෑම තත්වයකට මුහුන දෙන්න පුළුවන් තරම් මට්ටමකට මනස හදාගන්නයි අපි නිතරම උත්සාහකරන්න ඕනේ. අන්න ඒහෙම උනාම "සම්මා ආජීවය" ඇතිකර ගන්න පුළුවන්. පංචකාම වස්තූන් භාවිතා කරන්න. එහි කිසිම වරදක් නැහැ. නමුත් ඔබ පරිහරනය කරන කරන දෑ සමඟ අනවශ්‍ය ලෙස ඇලෙන්න ගැටෙන්න යන්න එපා. එහෙම උනාමයි දුක වැඩි. එතකොටයි ද්වේෂය ඇති වන්නෙත්. මගේ කාර් එක මගේ රස්සාව කියලා ඇලුන නිසායි පෙට්‍රෝල් නැති නිසා ඔබේ හිත පෙළුනේ හා පීඩාවට පත්වුනේ. කේන්ති අරන් ආණ්ඩුවට බැන්නේ. 

මොහොතක් හිතලා බලන්න ඔබ වාහනයක් එලවන වාරයක් පාසා ඔබේ හිත වික්ෂිප්ත වෙන්නේ නැද්ද කියලා. ට්‍රැෆික් එකේ ඉන්නකොට ඔබට කේන්ති යනවා. තෙල් ගහන පෝලිමේ ඉන්නකොට ඔබට කේන්ති යනවා. වෙනත් වාහනයක් වැරදි ලෙස ධාවනය කරන විට ඔබට කේන්ති යනවා. අවසානයේ මොකෝ උනේ? තමන්ගේ නොවන ප්‍රශ්නයක් නිසා ඔබේ ඇඟේ ලේ ටික ඔබම පුච්ච ගත්තා. ද්වේෂ සහත කිරණ විශ්වයට මුදාහැරියා. ඇලීම නිසා ගැටීම ඇතිවුනා. කොටින්ම කියනවා නම් මේකයි උනේ ඔබ මාරයාගේ උගුලට අහු උනා. ආණ්ඩුවේ ප්‍රශ්න රටේ ප්‍රශ්න පෙට්‍රෝල් ප්‍රශ්න අර ප්‍රශ්න මේ ප්‍රශ්න හැමදේම මාරයාගේ උගුල්. අශ්‍රැතවත් පෘතග්ජනයා උපතින් බෞද්ධ උවත් නිවැරදි සද්ධර්මය අසා නැති නිසා මාරයාගේ උගුලට අසුවන්නේ අසුරු සැනින්. එසේ කොටුවී රාග ද්වේශ මෝහ සං සාදාගනිමින් මේ කුණු සසරට බැඳීමට තව තවත් හේතු සකස් කරනවා.

මේ ලෝකයේ ඔබ වසඟයේ පවත්වන්න පුළුවන් ඔබ කැමති සේ ඇති කිසිම දෙයක් නැහැ. ඒ නිසාම ඔබේ හිතේ දුක හට ගන්නවා. ඔබව පෙළා දමනවා. ද්වේශය ඇති වෙනවා. පෙට්‍රෝල් කියන දේ ඔබ කැමති සේ තිබුනේ නැහැ. ආණ්ඩුව ඔබ කැමති සේ පවතින්නේ නැහැ. ඒ නිසා ඔබ දුකට පත්වුනා. ඔබට හිතුනේ නැද්ද ඔබ දුකට පත්කල ඒ සියළු දේ අසාර කිසිම වැඩකට නැති දේවල් කියලා?

"යදනිච්චං තං දුක්කං යං දුක්කං තදනත්තා" කියලා බුදුදහමේ විස්තර කරන්නේ අද දින ඔබව පෙළීමට පත්කල ඔය කාරණාව.

සත්‍යය වටහා ගෙන ජීවත්වන්න. මේ අතිදුර්ලභ මනුස්ස ආත්මභාවය ඔබට ලැබුනේ අසාර වූ දේ නිසා කේන්ති ගැනීමටවත්, ඒ නිසාම තම සිත කිලිටි කරගැනීමටවත් නොවේ. මේ සා වටිනා මිනිස් ජීවිතයක් ඔබට ලැබුනේ අනිච්ච වූ දේවල් වලට ඇලි ඇලී ගැටි ගැටී රාග ද්වේශ මෝහ ඇති කරගනිමින් මේ සසර තවත් දික් කර ගැනීමට නොවේ. මාර උගුල් වලට කොටු නොවන්න. ඒ නිසා ලැබුන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය අරගෙන අඩුතරමින් සතර අපායෙන්වත් නිදහස් වීමට අදිෂ්ඨාන කර ගන්න. එයයි මනුෂ්‍යයෙකු ලෙස ඔබ ලබන සැබෑ ජයග්‍රහණය.

තෙරුවන් සරණයි....!!! නිවනම වෙත්වා....!!!

What's Your Reaction?

තරහයි තරහයි
0
තරහයි
හිතාගන්න බෑ හිතාගන්න බෑ
0
හිතාගන්න බෑ
සුපිරි සුපිරි
1
සුපිරි
ජොලි ජොලි
0
ජොලි
අපොයි අපොයි
0
අපොයි
භයානකයි භයානකයි
0
භයානකයි
විකාර විකාර
0
විකාර

Comments 0

Your email address will not be published. Required fields are marked *

ආණ්ඩුව, පෙට්‍රෝල්, සුදු කිරණ හා කළු කිරණ

Loading...
Choose A Format
Trivia quiz
Series of questions with right and wrong answers that intends to check knowledge
Poll
Voting to make decisions or determine opinions
Story
Formatted Text with Embeds and Visuals
List
The Classic Internet Listicles
Open List
Submit your own item and vote up for the best submission
Video
Youtube, Vimeo or Vine Embeds
Audio
Soundcloud or Mixcloud Embeds
Image
Photo or GIF
Gif
GIF format